ඉන්දියාව 5G දුරකථන තාක්ෂණයට

263

ලොව විශාලතම දෙවැනි දුරකථන වෙළෙඳපොල හිමි ඉන්දියාව 5G දුරකථන තාක්ෂණය ඉන්දියාව තුල ව්‍යාප්ත කරන්නට අවශ්‍ය පියවර ගෙන තිබේ.මෙමගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 450ක් ඉන්දීය ආර්ථිකයකට හිමිකර ගැනීමට අපේක්ෂා කෙරේ. එසේම නව රැකියා අවස්ථා ඇතිකිරීම ද බලාපොරොත්තු වන බව ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තුමේන්තුවේ ලේකම් සහ ඩිජිටල් සංනිවේදන කොමිසමේ සභාපති කේ. රාජරාමන් මහතා පවසයි.මෙම නව තාක්ෂණ පහසුකම් රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් සහායකයින් ලෙස එක්කර ගැනීමට ද බලාපොරොත්තු වන බව ඒ මහතා පවසයි.පසුගියදා ජපානයේ නිල සංචාරයක නිරත වූ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එරට NEC දුරකථන සමාගමේ සභාපතිවරයා සමගද 5G දුරකථන ව්‍යපෘති ගැන සාකච්ඡා කර තිබේ. මෙම ව්‍යාපෘතිය නිසා ඉන්දියාවේ දුරකථන වෙළෙඳපොල තුල ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 7.5ක පමණ වෙන්දේසියක් සිදුවන ඇති බව ද විශ්වාස කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment