ඉන්දියා – එංගලන්ත තෙවැනි ටෙස්ට් තරගය අද

169

ඉන්දියාව සහ එංගලන්තය අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ තුන්වෙනි ටෙස්ට් ක‍්‍රිකට් තරඟය අද (25 වෙනිදා * එංගලන්තයේ ලීඞ්ස් හිදි ආරම්භ වේ.

 දෙරට අතර මෙතෙක් පැවති තරග දෙකෙන් දෙවැනි තරගය ජය ගත් ඉන්දියාව 1-0 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටී.

 එංගලන්ත කණ්ඩායම නායක ජෝ රූට් විසින්ද ඉන්දීය කණ්ඩායම විරාත් කෝලි විසින්ද මෙහෙය වනු ලබයි.

 එංගලන්ත කණ්ඩායමේ ප‍්‍රධාන වේග පන්දු යවන්නෙකු වන මාක් වුඞ් ආබාධයක් හේතුවෙන් මෙම තරගයට සහභාගී නොවන අතර ඔවුන්ගේ ප‍්‍රධාන වේග පන්දු යවන්නන් වන ස්ටුවර්ට් බ්‍රෝඞ්, ක‍්‍රිස් වෝක්ස්, ජොෆ්රා ආචර් යන ක‍්‍රීඩකයිනද ආබාධයන්ට ලක්ව ඇති අතර ප‍්‍රබල තුන් ඉරියව් ක‍්‍රීඩක බෙන් ස්ටෝක්ස්ද මානසික ප‍්‍රශ්නයක් මත තරගාවලියට සහභාගී නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment