ඉන්දියා බංග්ලාදේශ මිත්‍රත්ව ඉන්ධන නළ මාර්ගය විවෘතවේ

277


ඉන්දියා- බංග්ලාදේශ මිත්‍රත්ව ශක්තිමත් කරමින් ඉන්ධන දේශසීමා නළ මාර්ගය විවෘත විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ බංග්ලාදේශ අගමැති ෂීක් හසීනා මහත්මිය එක්ව මෙම නළ මාර්ගය ඉකුත් 18 වැනිදා විවෘත කළහ.මෙම නළ මාර්ගය විවෘත කිරීමත් සමග ඇසෑම් හි නුමාලිගාර් පිරිපහදුවේ සිට බංග්ලාදේශයේ උතුරු ප්‍රදේශවලට වසරකට ඩීසල් මෙට්‍රික් ටොන් මිලියනයක් සැපයීමේ හැකියාව ලැබේ.මෙමගින් ඉන්දියාවෙන් ඉන්ධන සැපයීමේ කාලය සහ පිරිවැය කපා හරින අතර දෙරට අතර බලශක්ති සම්බන්ධතාවය ශක්තිමත් කරන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ඉන්ධන නළ මාර්ගය සම්බන්ධව හින්දි භාෂාවෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූවේ මෙය ද්විපාර්ශ්වික සබඳතාවල නව පරිච්ඡේදයක් බවය.එසේම ද්විපාර්ශ්වික ඛනිජ තෙල් වෙළඳාම ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා ඇති බවය. විශ්වසනීය සහ ලාභදායී ඩීසල් සැපයුම කෘෂිකාර්මික අංශයට විශේෂයෙන් ප්‍රයෝජනවත් වනු ඇති බවත් දේශීය කර්මාන්තවලටත් ප්‍රතිලාභ ලැබේවි යැයි කියාය.එසේම මෙම නළ මාර්ගය බංග්ලාදේශයේ සංවර්ධනය වේගවත් කරන අතර දෙක අතර සම්බන්ධතාවය වැඩි කිරීමට විශිෂ්ට උදාහරණයක් වනු ඇතැයි විශ්වාස යැයිද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී බෙංගාලි භාෂාවෙන් කතා කළ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනා පැවසුවේ බංගලිදේශයේ බලශක්ති සුරක්ෂිතතාව සඳහා මෙම නළ මාර්ගය ඉතා වැදගත් බවය. රුසියාව -යුක්රේන යුද්ධය හේතුවෙන් බොහෝ රටවල් බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක අපගේ ජනතාවගේ බලශක්ති සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා මෙම නළ මාර්ගය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ඇති බවද ඇය පැවසුවාය.
නුමාලිගාර් පිරිපහදුව 2015 සිට බංග්ලාදේශයට පෙට්‍රෝලියම් නිෂ්පාදන සපයා ඇත. බංග්ලාදේශය දැනට ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 60,000 සිට 80,000 දක්වා දුම්රිය මගින් ආනයනය කරයි.ඉන්දියාවේ සංවර්ධන ආධාර සහ ,අසල්වැසි පළමුව, ප්‍රතිපත්තියේ විශාලතම ප්‍රතිලාභියා බංග්ලාදේශයයි. ඉන්දියාවේ සිලිගුරි සිට බංග්ලාදේශයේ පර්බතිපූර් දක්වා කිලෝමීටර් 132 ක නළ මාර්ගයක් ඉදි කර ඇත්තේ රුපියල් කෝටි 377 ක වියදමිනි. මුල්ගල තැබීම 2018 සැප්තැම්බර් මාසයේදී සිදු කරන ලද අතර බංග්ලාදේශය තුළ කිලෝමීටර් 127 ක දුරක් ඉන්දියානු ප්‍රදානයකින් ඉදිකරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment