ඉන්දීය අගමැතිට චීනයේ ප්‍රණාමය

619

චීන මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමේ සිද්ධිය හමුවේ ඉන්දීය අගමැතිවරයා ඉන් විපතට පත්වූවන්ට යාඥා කිරීම හා අනුකම්පාව පලකිරීම ගැන ඉන්දියාවේ චීන තානාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ස්තුතිය පළ කර ඇත.ඉකුත් 21වැනිදා දකුණු චීනයේ ගුවෑන්ෂි ෂුවාන් ප්‍රදේශයේ දී මගීන් 132ක් රැගත් ගුවන් යානයක් කැලෑ ප්‍රදේශයකට කඩා වැටීමෙන් මගීන් සියලු දෙනා මිය ගියහ.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ සම්බන්ධව දැක්වූ අවධානය ගැන ඉන්දියාවේ චීන තානාපති සන් වේඩන් මහතා මෙලෙස සිය ස්තූතිය පළ කර තිබේ.අගමැති මෝදි ඇතුළු ඉන්දීය මිතුරන් වෙත සිය ප්‍රණාම පුද කරන බව ද තානාපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ සදහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment