ඉන්දීය අගමැති රුසියානු ජනපති හමුවේ

148


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා යුක්රේන අර්බුදය ආරම්භවීමෙන් පසු පළමු වරට ද්විපාර්ශවික සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති වැලැද්මියර් පුටින්සහ උස්බෙකිස්ථාන ජනාධිපති ෂව්කට් මිර්සියෝයෙව් යන මහත්වරු හමුවීමට තීරණය කර ඇත.ඊයේ ආරම්භවූ ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සමුළුව අතරතුර මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.රුසියානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා යුක්රේන ගැටුම් පවතින අතරතුර දුරකථනය ඔස්සේ සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ.මෙම සමුළුව අතරතුර චීන ජනාධිපති ෂී ජින් පින් මහතා සහ රුසියානු ජනාධිපතිවරයා ද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.කොවිඩ් වසංගතයෙන් පසු වසර දෙකකට පසු ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සමුළුව මෙවර පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment