ඉන්දීය අන්තර් ප්‍රාන්ත ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා  – ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  11 ක් තරග වදිති

302

ඉන්දීය ජාතික මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කර ඇති අන්තර් ප්‍රාන්ත ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනකු සහභාගි වෙයි.

61 වැනි අන්තර් ප්‍රාන්ත ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය අද (10 වැනිදා) සිට ලබන 14 යන දින දක්වා තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

එස්. අරුණ දර්ශන, ආර්.පී. ඉසුරු ලක්ෂාන්, ජී.ඩී. කෞෂික පබසර නිකූ, එච්. වී. දිනූක දේශාන්, ආර්.එම්. රජිත නෙරන්ජන් රාජකරුණා, එල්. ඩබ්ලිව්. චමල් කුමාරසිරි, තනුජී අමාශා ද සිල්වා, ඉරේෂා මේධානි ජයමාන්න, රුක්ෂානි ශෙලින්ඩා ජැන්සන්, ඩබ්ලිව්.වී. ඩබ්ලිව්.වී. ලක්ෂිකා සුගන්දී සහ රුමේෂිකා කුමාරී රත්නායක මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

අසංක හේමන්ත බණ්ඩාර රාජකරුණා සහ ජයමිනී සංජීව වීරක්කොඩී පුහුණුකරුවෝ ලෙස සහභාගි වෙති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment