ඉන්දීය – ඇමරිකානු විරෝධතාවලට හේතු නෑ – එන්න කිව්වා

327

චීන නැව හම්බන්තොටට පැමිණීම වැළැක්වීම සඳහා නිශ්චිත හේතු සපයන ලෙස රජය මගින් ඇමරිකානු හා ඉන්දීය තානාපති කාර්යාලවලට දැන්වුවද ඔවුන් ඉදිරිපත් කළ හේතු පිළිබඳ සෑහීමකට පත් නොවීම නිසා යුවාන් වැන්ග් නෞකාවට ඇතුළුවීමට අවසර ලබා දී තිබේ.

ඊයේ (14 දා) වන විට මේ නෞකාව හම්බන්තොට සිට ගිණිකොන දෙසින් නාවික සැතපුම් 5805 ක් දුරින් යාත්‍රා කරමින් තිබිණි.

මෙම නැව පසුගිය 11 වැනිදා හම්බන්තොටට පැමිණීමට නියමිතව තිබුණ ද ඉන්දීය විරෝධතා නිසා පැමිණීම කල් ගියේය.

ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවත්, එහි කටයුතුවලට අතපෙවීමෙන් වළකින ලෙසටත් චීන විදේශ අමාත්‍යාංශය විසින් ඉන්දියාවට දොස් නඟා තිබුණේ පසුගිය සතියේ ය.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment