ඉන්දීය කණ්ඩායම හොරණදී 3-0කින් ජය ලබයි

137

වොලිබෝල් ටෙස්ට් තරගාවලියක් සදහා පැමිණි ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායම සහ ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම අතර හොරණ දී පැවති වොලිබෝල් තරගයෙන් වට 3-0 කින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය ලැබීය. ඉන්දීය කණ්ඩායම මෙවර හොරණ දී පැවැති තරගයේ ද තරග වට තුනේදී 26/24, 25/19, 25/20 වශයෙන් ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම පරදා ජයග්‍රහණය කළේය.

මෙම තරගාවලිය හොරණ එක්සත් ක්‍රීඩා සමාජයේ සංවිධායකත්වයෙන් හොරණ නගරසභා දිවා රාත්‍රි වොලිබෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. ඉන්දීය කනිෂ්ඨ පිරිමි වොලිබෝල් ශුරතාවය දිනාගත් තමිල්නාඩු ප්‍රාන්ත කණ්ඩායම මෙරට රැඳී සිටින කාලය තුළ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩාංගනය, හොරණ, යාපනය මුතුර්, වව්නියාව සහ අවසන් තරගය දඹදෙනිය වශයෙන් තරග 5කට සහභාගි වීමට නියමිතය. තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලාංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න මහතා අතින් සිදුවිය. මෙහිදී දක්ෂතම පන්දු ඔසවන්නා වූයේ ඉන්දීය කණ්ඩායමේ මූනිස්ය. දක්ෂතම පන්දු ගොඩගන්නා ඉන්දිය කණ්ඩායමේ සී.වේනු වූ අතර හොඳම ප්‍රහාරකයා වූයේ ලංකා විදුලිබල කණ්ඩායමේ ෂෙහාන්ය. හොඳම ක්‍රීඩකයා වූයේ ඉන්දීය කණ්ඩායමේ ජෝය.
අඟුරුවාතොට-මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment