ඉන්දීය ක්‍රිකට් නායිකාව ජාත්‍යන්තර පිටියට සමු දෙයි

257

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන මිතලි රාජ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට කටයුතු කර ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ලකුණු දස දහසේ සීමාව පසු කළ පළමු ඉන්දීය ක්‍රීඩිකාව මෙන්ම, ලෝකයේ එවැනි දස්කමක් කළ දෙවැනි ක්‍රීඩිකාව වන මිතලි රාජ් 1999 වසරේදී ඉන්දියාව වෙනුවෙන් පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගි වූවාය.

 පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ ඇය 2017 වසරේදී ඉන්දියාව ලෝක ක්‍රිකට් අනුශූරයන් බවට පත්වීමට කණ්ඩායම මෙහෙයවනු ලැබුවාය.

 ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක් දින ජාත්‍යන්තර තරග 232ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 89ක් සඳහා ඇය ක්‍රීඩා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment