ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල  ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි

167

එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකක් සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 18 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (14 දා) මේ බව නිවේදනය කර සිටියේය.

දෙරට අතර විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇති අතර එක්දින තරගාවලිය අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක වේ.

විස්සයි විස්ස තරගාවලිය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරෙන අතර එහි පළමු තරගය ලබන 23 වැනිදා ආරම්භ කෙරෙන අතර දෙවැනි සහ තෙවැනි තරග දෙක පිළිවෙළින් 25 වැනිදා සහ 27 වැනිදා පැවැත්වේ.

එක්දින තරග 3ම මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරෙන අතර එහි පළමු තරගය ජූලි 01 වැනිදා පැවැත්වේ. දෙවැනි සහ තෙවැනි තරග ජූලි 04 වැනිදා සහ ජූලි 07 වැනිදා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment