ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයට වීදුරු බෝතල් ප්‍රහාරයක් එල්ල කළ තිදෙනා මාට්ටු

147

යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයට වීදුරු බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු 10 දා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කයිතඩි මාර්ගයේ පිහිටි මෙම කාර්යාලයට 9 දා රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී තිබිණි. කාර්යාලය ඉදිරි පිටින් ගමන් කළ මෝටර් රථයක සිටි තරුණයන් තිදෙනකු වීදුරු බෝතලයකින් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ බවට යපනය පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව ඔවුන් තිදෙනා හා මෝටර් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වයි.

මේ ප්‍රහාරය හේතුවෙන් කොන්සෝල් ජනරාල් කාර්යාලයේ වීදුරු කිහිපයකට සුළු අලාභ හානි සිදුව තිබුණු අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment