ඉන්දීය ගුවන් යානයක්  බෝම්බ ප්‍රහාරයෙන් විනාශ කළ පුද්ගලයා කැනඩාවේ දී මරුට

614

වසර 37 කට පමණ පෙර ගුවන් මගීන් 329 දෙනකුට මරු කැඳවමින් ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයේ බෝම්බයක් පිපිරවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රිපුඩමාන් සිං මලික් කැනඩාවේ සරේ නගරයේදී කිසිවෙකු විසින් පෙරේදා (14දා) වෙඩි තබා ඝාතනය කර තිබේ.

මිය යන විට 70 හැවිරිදි වියෙහි පසු වූ මලික් අදාළ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් 2005 වසරේදී පැවති නඩු විභාගයේදී ඔහුට එල්ල වූ සියලු චෝදනාවලින් නිදහස් කර තිබිණි. 1985 වසරේ ජුනි 23 වැනිදා ලන්ඩනයේ සිට මුම්බායි නගරය දක්වා පියාසර කළ ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් ‘එම්පරර් කනිෂ්ක’ නමැති ගුවන් යානය අඩි 31,000ක් ඉහළින් පියාසර කරමින් තිබියදී බෝම්බයක් පුපුරවා විනාශ කළ බවට මලික් හට චෝදනා එල්ල වී තිබිණි. එම පිපිරීමෙන් ගුවන් යානයේ ගමන් ගත් සියලු මගින් මියගොස් තිබිණි. මලික් නමැත්තා සිය කාර්යාලය වෙත ගමන් කරමින් සිටියදී වෙඩි පහරට ලක් වීමෙන් මියගොස් ඇති අතර ඝාතකයා මෙතෙක් හඳුනාගෙන නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment