ඉන්දීය ජනරජ දිනයට ඊජිප්තු ජනාධිපති එයි

156

ඉන්දියාවේ මෙවර ජනරජ දිනයට ප්‍රධාන ආරාධිතයා ලෙස ඊජිප්තු ජනාධිපති එල් සිසි මහතා සහභාගී වීමට නියමිතය. මෙය දෙරට අතර සබදතාව ශක්තිමත් කරගැනීමට හොදම අවස්තාවක් බව ඉන්දීය දේශපාලන විචාරකයෝ පවසති. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ඊජිප්තු ජනාධිපතිවරයා අතර හොද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිවීම නිසා දෙරට අතර වෙළෙද, ආයෝජන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට උපකාර වන බව ද පවසති. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිංහ මහතා ඊජිප්තුවේ සංචාරයක නිරත වූ අතර එහිදී දෙරට අතර ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත. ඉන්දියාව දැනට පනවා ඇති තිරිගු පිටි අපනයන තහනම ඉවත් කළ පසු ඊජිප්තුව වෙත තිරිගු අපනයනය කළ හැකි බව ද දේශපාලන විචාරකයෝ පවසති. ඊජිප්තුවේ ජනගහනය මිලියන 100කි. නමුත් උපාය මාර්ගික ලෙස ඊජිප්තුව සමග සබදතා වර්ධනය කරගැනීම වැදගත් බව ද සඳහන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment