ඉන්දීය ජනාධිපතිවරණයට විපක්‍ෂය  උණුසුම් වෙයි

299

ලබන මස පැවැත්වීමට නියමිත ඉන්දීය ජනාධිපතිවණයට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධව විපක්‍ෂයේ පක්‍ෂ අතර මත ගැටුම් මතුව ඇත.

 ජුලි මස 18 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට එරෙහිව තරග කිරීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කිහිපයකට බටහිර බෙංගාල ප්‍රධාන ඇමැති සහ ටි්‍රනමූල් කොංග්‍රසයේ නායක මම්තා බැනර්ජි ආරාධනා කර ඇත. ප්‍රාන්ත මහ ඇමැතිවරුන් සහ දේශපාලන පක්‍ෂ 19 කට ආරාධනා කර ඇති අතර මෙය විපක්‍ෂයේ ව්‍යාජ සම්මුතියකට අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමක් බවත් ඊට තමා සහභාගි නොවන බවත් විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂයක් වන ඒ. අයි. එම්. අයි. එම්. පක්‍ෂයේ නායක අසාවුදින් ඔවයිසි ප්‍රකාශ කරයි. මෙම ආරාධනය තමා පිළි නොගන්නේ ටි්‍රනමූල් කොංග්‍රසය නිසා බවත් ඔහු සඳහන් කරයි.

 ආරාධනා ලැබූ පක්‍ෂ රැසක් පවසන්නේ ඊට තම පක්‍ෂයේ නියෝජිතයකු සහභාගි නොකරන බවය. තෙලන්ගානා, රාෂ්ට්‍ර, සමිති පක්‍ෂය, ආම් ආදම්, ජාතික කොංග්‍රස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ කිහිපයක්ම මේ වන විට එම ආරාධනය ප්‍රතික්‍ෂේප කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment