ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා  4000ක් උතුරු මුහුදට රිංගයි!

169

මේ වැඩේ නවත්වන්න උතුරේ ධීවර සමිති නාවික හමුදාවට හා ඉන්දියාවට ලියයි

ඉන්දියාවේ තමිල්නාඩුවේ ධීවරයින්ට පනවා තිබූ මාස දෙකක ධීවර තහනම 15 වැනිදා අවසන් වීමත් සමගම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 4000ක් පමණ උතුරු මුහුද හා අනෙක් මුහුදු සීමාවන් වෙත පිටව ගොස් තිබේ.

ඉන්දියාව සෑම වසරකදීම අප්‍රේල් මාසයේ 15 වැනිදා සිට ජුනි මස 15 වැනිදා දක්වා ධීවර තහනමක් පනවයි. එය සිදු කරනු ලබන්නේ මුහුදේ ස්වාභාවිකව මත්ස්‍ය සම්පත වර්ධනය වීම සඳහා ඉඩ ලබා දීම පිණිසය.

තහනම ඉවත් වීමත් සමගම ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රා උතුරු මුහුදට පැමිණිය හැකි බැවින් නාවික හමුදාව ඒ පිළිබඳව අවධානයෙන් සිට ඔවුන්ගේ බලහත්කාර ආගමනය නවතා දෙන ලෙස යාපනය එක්සත් ධීවර සංගමය නාවික හමුදාවෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර යාපනයේ ධීවර සංගමය ඉන්දියාවේ රාමේස්වරන් ධීවර සංගමය වෙතද ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ සිය ගණනින් වූ ට්‍රෝලර් යාත්‍රා උතුරු මුහුදට පැමිණ උතුරේ ධීවරයින්ගේ ධීවර කර්මාන්තයට බලපෑම් ඇති නොකරන ලෙසයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment