ඉන්දීය ණයවලින් ගන්නා ඉන්ධන මේ මාසයේ ඉවරවෙයි

102

ඉන්දීය ඩොලර් මිලියන 500ක ණය පදනම මත මෙරටට ලබාගත හැකි ඉන්ධන නෞකා ප‍්‍රමාණවත් වන්නේ මෙම අපේ‍්‍රල් මාසයට පමණකැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මේ වන විට ඉන්දියාවේ සිට මෙරටට ගෙනා ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,500 තොගය ඉන්ධනහල්වලට බෙදා හරිමින් තිබුණද සම්පූර්ණ ඉල්ලූම සපුරාලීමට ප‍්‍රමාණවත් ලෙස බෙදාහැරීම් නොකරන බව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

ඊට හේතුවී ඇත්තේ ඊළඟ ඞීසල් නෞකාව 6 වැනිදා හෝ 7 වැනිදා මෙරටට පැමිණෙනතුරු ඞීසල් පිරිමසා ගනිමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුව තිබීමය.

මෙම නෞකාවේ අඩංගු ඞීසල්වලින් විදුලිබලාගාර සඳහා දිනකට මෙටි‍්‍රක් ටොන් 3,500 බැගින් ලබාදෙයි. ඉතිරි ඒවා ප‍්‍රවාහන කටයුතු සඳහා ලබාදීම නිසා එය ප‍්‍රමාණවත් නොවන බවද එවිට පෝලිම් නිර්මාණය වී ඇති බවද සංස්ථා නිලධාරියා කියා සිටියේය. දැනට මාස දෙකකට පමණ පෙර ඇතිවූ ඉන්ධන පෝලිම් ඊයේ  (4 දා)  දිනයේත් දිවයින පුරා දක්නට ලැබුණි.

ඉන්දීය රජය එකඟවූ ණය ගිවිසුම යටතේ තවත් ඞීසල් හා පෙට‍්‍රල් නෞකා හතක් මෙරටට ඒමට නියමිතය. මේ වන විට එම ණය ගිවිසුම යටතේ මෙටි‍්‍රක් ටොන් 37,500 බැගින් වූ ඞීසල් නෞකා දෙකක් හා මෙටි‍්‍රක් ටොන් 37,500 පෙට‍්‍රල් නෞකාවක් මෙරටට පැමිණ ඇත.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment