ඉන්දීය ණයෙන් ගෙනෙන අත්‍යවශ්‍ය ආහාර ගිනි ගාණට ලංකාවේ විකිණෙයි

245

ඉන්දීය ණය සහන යටතේ මෙරටට ලැබෙන සීනි, සහල්, තිරිඟු පිටි, මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටදී අධික ලාභයක් තබාගෙන අලෙවි කරන බවට රජයට තොරතුරු අනාවරණය වී ඇත.

එම භාණ්ඩවල වටිනාකම බදු සහන නිදහස් කර ගැනීම වෙනුවෙන් වැයවන මුදලට වඩා විශාල මුදලකට එම භාණ්ඩ වෙළෙඳපොළේ අලෙවි වන බව අනාවරණය වී තිබේ.

ඉන්දියාවෙන් ගෙනෙන සුදු සීනි කිලෝවක් මෙරටට

ගෙන්වීමේදී රුපියල් 159 ක් සහ බදු රුපියල් 05ක් වැය කෙරෙන අතර සීනි කිලෝව රුපියල් 164 ක් වුවද මෙරටදී විකුණනු ලබන්නේ රුපියල් 300 කටය.

සම්බා සහල් කිලෝවක් රුපියල් 180 ක් වුවද එය මෙරටදී විකුණන්නේ රුපියල් 210 කටය.

සුදු සහල් කිලෝව රුපියල් 158 ක් වුවද එය 190 කට අලෙවි වන බවට වාර්තා වී ඇත.

තිරිඟු පිටි කිලෝව රුපියල් 165ක් වුවද එය රුපියල් 250 කටද, මිරිස් කිලෝව 1049 කට මෙරටට ගෙන්වුවද එය රුපියල් 1750 කට අලෙවි කරන බවද පැවසේ.

ඊට අමතරව කුකුළු මස් කැබලි කිලෝව රුපියල් 500 කට ගෙන්වුවද එය රුපියල් 750 බැගින් අලෙවි කරන බවට වාර්තා වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment