ඉන්දීය ණය යටතේ තවත් පෙට්‍රල් නැවක් ඊයේ දිවයිනට

87

ඉන්දීය ණය ආධාර යටතේ තවත් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් හතළිස් දහසක් රැගත් නෞකාවක් ඊයේ (23දා) දහවල් ශ්‍රී ලංකාවට ළඟාවී තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අදාළ නෞකාව ශ්‍රී ලංකාවට ළඟා වූ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව තුළ ඇතිවූ ඉන්ධන අර්බුදයත් සමඟ ඉන්දීය රජයේ ණය ආධාර යටතේ මේ දක්වා මෙරටට ලබා දී ඇති සියලුම වර්ගයේ ඉන්ධන ප්‍රමාණය මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තුනක් පමණ වේ.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment