ඉන්දීය දුම්රිය අනතුරෙන් මියගිය 101 ක් හඳුනා නොගනී

300

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ඉකුත් සිකුරාදා (02දා) දිනයේ සිදු වූ දරුණු දුම්රිය අනතුරෙන් මියගිය 278දෙනාගෙන් 101 දෙනෙකුගේ මළ සිරුරු ඊයේ (06දා) වන විටද හඳුනා ගැනීමට නොහැකි වී තිබූ බව ඉන්දීය දුම්රිය බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබේ.

මෙසේ තවමත් හඳුනා නොගත් මළ සිරුරු එම්බාම් කර ඒවායේ අවසන් කටයුතු සිදු කිරීමට රෝහල් අංශ තීරණය කර තිබේ. මෙසේ මියගිය අයගෙන් විශාල පිරිසකගේ අනන්‍යතාවය තවමත් හඳුනාගත නොහැකිව ඇති තත්ත්වයක් තුළ විශාල පිරිසක් තවමත් අනතුරට පත් මගී දුම්රිය දෙකෙහි සිටියදී අතුරුදන්ව ඇති සිය පවුලේ සාමාජිකයන් පිළිබඳව සොයමින් සිටින බව වාර්තා වේ. දුම්රිය දෙකක් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් සිදුව ඇති මෙම ඉන්දීය ඉතිහාසයේ දරුණුම දුම්රිය අනතුර හේතුවෙන් 1100ක් පමණ දෙනා තුවාල ලබා රෝහල්ගත කෙරුණ ද ඊයේ (06දා) වන විට එම පිරිසෙන් 900ක් පමණ දෙනා සුවය ලබා රෝහල්වලින් මුදා හැර තිබීම නිසා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිස 200ක් විය.

මෙම දුම්රිය අනතුරට වගකිවයුත්තන් හඳුනාගැනීම සඳහා ඉන්දීය බලධාරීන් විසින් මේ වන විට ඉහළ පෙළේ විමර්ශනයක් අරඹා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment