ඉන්දීය දෙවැනි පෙළක් පැමිණීම රටට අවමානයක් – ශී‍්‍ර ලංකා හිටපු නායක අර්ජුන රණතුංග

334

ශ‍්‍රී ලංකාව සමගින් තරග කිරීමට ඉන්දිය දෙවැනි පෙළක් පැමිණීම රටට අවමන් කිරීමක්. අද කණ්ඩායමේ සිටින කී‍්‍රඩකයන් කී‍්‍රඩා කරන්නේ රටට නොව තමන්ට බවත් එ් හේතුවෙන් දෙවැනි පෙළක් නිර්මාණය නොවූ බවත් ශී‍්‍ර ලංකාවට ලෝක කුසලානය දිනා දුන් හිටපු නායක අර්ජුන රණතුංග මහතා කියා සිටී. එළැඹෙන ඉන්දීය – ශ‍්‍රී ලංකා තරගාවලිය පිළිබඳ අදහස් දක්විමින් එ් මහතා මේ බව ප‍්‍රකාශ කර තිබේ.
 
 ශී‍්‍ර ලංකාව සමගින් පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකකට සහභාගි වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට මෙරටට පැමිණ තිබේ. ඉන්දීය ප‍්‍රබල කී‍්‍රඩකයින් නොමැතිව දෙවැනි කණ්ඩායමක් පැමිණීම මගින් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් වැටී ඇති අවමන් සහගත තත්ත්වය පැහැදිලි වන බව අර්ජුන රණතුංග මහතා කියා සිටී. දැන් ඉන්දීය කණ්ඩායම එනවා. මම කියන්නේ නෑ ඒක ඉන්දියාවේ පළවෙනි කණ්ඩායම කියලා. අද ලංකාවේ ක‍්‍රිකට් පරිපාලනය ඉන්දියාවේ ඉන්න දෙවන කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරන්න අපේ කණ්ඩායමට අනුමැතිය දීලා තියනවා. සාමාන්‍යයෙන් මේ ප‍්‍රධාන රටවල් අතරින් අපේ ක‍්‍රිකට් තත්ත්වය පහළ බැහැලා තියෙන්නේ. නමුත් අපිට අනන්‍යතාවයක් තියනවා. අපිට ඉන්දියාවේ දෙවෙනි කණ්ඩායම මේ රටට එනකොට අඩුම ගාණේ පරිපාලනය කරන මිනිස්සුන්ට කියන්න බැරි උනාද මේ කණ්ඩායම අපි ගන්නේ නෑ කියලා. මොකක්ද මේකේ යට තියෙන්නේ? යැයි එහිදී රණතුංග මහතා ප‍්‍රශ්න කර සිටී.
 
 දැනුම තියන පරිපාලනයක් තිබුණ නම් කවදාවත් මේ වගේ කණ්ඩායමක් ලංකාවට ගේන්නේ නෑ. මේක අපිට කරන ලොකුම අගෞරවයක්. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බාගයක් නැතුව එංගලන්තයට යන්න කියන්න, ඉන්දියාවට යන්න කියන්න ඒගොල්ල බාරගන්නේ නෑ. මේ එන්නේ අයි. පී. එල්. එකේ හොඳටම ක‍්‍රීඩා කරපු කණ්ඩායමක්. ඒ හොඳ කට්ටියක්.
 
 ඒගොල්ලන්ට පළවෙනි කණ්ඩායමට යන්න බෑ. ඒගොල්ලන්ගේ හොඳම ටීම් එක එංගලන්තේ යැව්වා. දෙවන පෙළ තමයි මෙහෙට ක‍්‍රීඩා කරන්නේ
 
 අපේ කාලේ ක‍්‍රීඩකයන්ට තිබ්බ ලොකුම දේ තමයි තරග ජයග‍්‍රහණය කරන එක. මගේ කණ්ඩායමේ හිටියේ නෑ තමන්ට ගහගත්ත ක‍්‍රීඩකයෝ. හැබැයි අද ක‍්‍රීඩා කරන පහුගිය කාලවල්වල ක‍්‍රීඩා කරපු හුඟ දෙනෙක් කරේ තමන්ගේ වාර්තාවලට ගැහුවා කණ්ඩායම් හැදුවේ නෑ. තරුණ පෙළක් හැදුවේ නෑ. ඒ ප‍්‍රතිපල අපි විඳිනවා. හැබැයි අවාසනාවකට වගේ දැන් ඉන්න ක‍්‍රීඩකයන්ගේ විනය දිහා බලපුවහම අපිට එක කාලයක් තිබුණා අපිට තරග පැරදුනාම එළියට යන්න ලැජ්ජයි. එංගලන්තේ ඉන්න ශ‍්‍රී ලාංකිකයන්ට මුහුණ දෙන්න ලජ්ජයි. අද එහෙම දෙයක් නෑ.
 
 මම දන්නවා සමහර මේ ක‍්‍රිකට් පරිපාලනයේ ඉන්න මේ පුද්ගලයෝ ඒගොල්ලන්ගේ ක‍්‍රීඩකයන්ව තහනම් කරලා අඩු කාලයකින් ඒගොල්ලන්ව නැවත ක‍්‍රීඩා කරන්න ගන්නවා. මේවයින් තමයි අපිට වැරදුණේ. හැම ක‍්‍රීඩකයම බැලූවා කොහොමද කෙටි පාරෙන් ජාතික කණ්ඩායමට යන්නේ කියලා. දැනටත් පරක්කු නෑ. ඉක්මනින්ම අතුරු පාලක මණ්ඩලයක් දැම්මේ නැත්නම් මේ ක‍්‍රීඩාව නම් ගෙනියන්න හම්බවෙන්නේ නෑ’ යැයි රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.
 

advertistmentadvertistment
advertistmentadvertistment