ඉන්දීය ධීවරයන් මුහුදු මැදදී යාපනයේ තිදෙනකුට පහරදීලා

58

උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණි ඉන්දීය ධීවරයන් පිරිසක් යාපනයේ ගුරුනගර් ධීවරයන් තිදෙනකුට මහ මුහුදේදී පහර දී ඔවුන්ව මුහුදට තල්ලූ කිරීමට උත්සාහ කළ බව යාපනයේ එක්සත් ධීවර සමිති සංගමය 5 දා ධීවර නිලධාරීන්ට පැමිණිලි කොට තිබේ.

යාපනයේ ධීවරයන් ගමන් කළ බෝට්ටුව මහ මුහුද මැදදී නතර කළ ඉන්දීය ධීවරයෝ ඔවුන්ට පහර දී මුහුදට තල්ලූ කිරීමට උත්සාහ කළ බවත් ධීවර බෝට්ටුවට පහර දී ඊට හානි සිදු කළ බවත් යාපනයේ ධීවරයෝ ප‍්‍රකාශ කොට සිටියහ.

ඉන්දීය ධීවරයන් පහරදීම නිසා සිදු වූ තුවාල මැද අබලන් වූ බෝට්ටුවෙන් ඔවුහු ආපසු ගුරුනගර් ජැටියට ළඟා වූ බව පවසන මෙම ධීවරයෝ උතුරේ ධීවරයන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා සිටිති.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment