ඉන්දීය ධීවරයින්ගෙන් සුදු කොඩියක්

461


මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණ බලහත්කාරයෙන් මසුන් මැරීමේ කටයුතු වල නිරත නොවන බවට රාමේස්වරන් ධීවර සංගමයේ සභාපතිවරයා විසින් ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වා තිබේ.
ඉන්දියාවේ රාමේස්වරන් ධීවර සංගමයේ සභාපති එස්.ජේසුරාජා විසින් තම සංගමයට අයත් සියලුම ධීවරයෝ මේ තීරණයට එකග වූ බවද සදහන් කොට ඇත.
උතුරේ ධීවරයින් සමග ඉතා සුහදව කටයුතු කිරීමට අවශ්‍ය බවත් දෙරටේම ධීවරයින් විසින් සිදු කරණු ලබන්නේ එකම වෘත්තියක් නිසාත් මින් ඉදිරියට රාමේස්වරන් ධීවරයෝ උතුරු මුහුද ආක්‍රමණය නොකරණ බවත් උතුරේ ධීවරයින්ට හානි සිදු නොකරණ බවත් සිය නිවේදනයේ සදහන් කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment