ඉන්දීය ධීවර ගැටලුවට විසඳුම් දෙන්න බැරිනම් ධීවර ඇමැති වහාම ඉල්ලා අස්වෙන්න

88

* දෙමළ සන්ධාන මන්ත‍්‍රී රාසමානික්කම් චානක්‍යන් කියයි

ධීවර අමාත්‍යවරයාට ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම වළක්වා ගැනීමට නොහැකි නම් ඔහු ධීවර අමාත්‍යධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාසමානික්කම් චානක්‍යන් මහතා 17 දා යාපනයේදී පැවසීය.

ධීවරයින්ගේ අයිතිවාසිකම් සුරැකීම සදහා දෙමළ ජාතික සන්ධානය මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා සංවිධානය කළ විරෝධතාවක් අවසානයේදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඉන්දීය ධීවරයින් උතුරු මුහුද ආක‍්‍රමණය කිරීමට එරෙහිව විරෝධය පළ කිරීම ස`දහා කිළිනොච්චියේ සිට පේදුරුතුඩුව දක්වා ධීවරයින් දහසක් පමණ බෝට්ටු වල නැගී මුහුද ඔස්සේ ගමන් කරමින් මේ විරෝධතාව දියත් කළේය.

පේදුරුතුඩුවේදී එම විරෝධතා බෝට්ටු ගමන අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ උතුරේම ජීවත් වන පුද්ගලයෙකු ධීවර අමාත්‍යවරයා වී සිටියදී ඉන්දීය ධීවර ප‍්‍රශ්නයට විස`දුමක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වී සිටීම කණගාටුදායක කාරණාවක් බවයි.

‘‘ඉන්දියාවේ ධීවරයින් උතුරු මුහුද බලහත්කාරයෙන් ආක‍්‍රමණය කරලා මේ ධීවරයින්ට අයත් මත්ස්‍ය සම්පත කොල්ලකෑම සිද්ධ වන්නේ අදක ඊයේක සිට නෙමෙයි. ධීවර අමාත්‍යවරයා ධීවර ඇමැති ධූරය දරන්නේත් පළවෙනි වතාවට නෙමෙයි. ඔහු උතුරේම පුද්ගලයෙක් නිසා ඔහු මේ ධීවර ප‍්‍රශ්නය ගැන ඉතා හො`දින් දන්නවා. නමුත් ඔහුට මේ ප‍්‍රශ්නය විස`දීමට අවශ්‍යතාවක් නෑ. මේ නිසා පීඩාවට පත්ව සිටින්නේ ඔහුගේම ඡුන්දදායකයින් පිරිසකුයි.

මේ අය වරින් වර උද්ඝෝෂණ කරමින් ඉන්දීය ධීවර ප‍්‍රශ්නය විස`දා දෙන ලෙස ධීවර අමාත්‍යවරයාගෙන් අවස්ථා ගණනාවක්ම ඉල්ලා සිටියත් උතුරේ ධීවරයින්ට මෙතෙක් සහනයක් සැලසී නැහැ. මේ නිසා අපි මේ ධීවරයින්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් මේ විරෝධතාව දියත් කරනු ලැබුවා.

මේ විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්.ශ‍්‍රීධරන්, එම්.ඒ සුමන්තිරන් යන අය ඇතුලූ‍ දෙමළ ජාතික සන්ධානයේ තවත් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment