ඉන්දීය නාවික හමුදාවේ බටහිර බලඇණිය ශී‍්‍ර ලංකාවට

233

‘මිත‍්‍රත්වයේ පාලම්’ ගොඩනැඟීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ප‍්‍රයත්නයන් ඉදිරියටත් ගෙන යමින් ඉන්දීය නාවික හමුදාවේ බටහිර බලඇණියේ නෞකා හතරක් එම බලඇණියේ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් සමීර් සක්සේනා මහතාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා සංචාරයක නිරත විය. දේශීය ඉන්දීය තාක්‍ෂණය සහිත නියමු මිසයිල යුද නෞකාවක් වන ‘බ‍්‍රහ්මපුත‍්‍ර’ සහ තවත් යුද නෞකාවක් වන ‘තල්වාර්’ හම්බන්තොට වරාය වෙත ඇතුළු වූ අතර වඩා ඉහළ දේශීය තාක්‍ෂණයෙන් යුත් යුද නෞකාවක් වන ෂභී චෙන්නායි සහ තවත් යුද නෞකාවක් වන ‘ටෙග්’ කොළඹ වරායට ඇතුළු විය. මෙම නෞකාවන් ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් සාම්ප‍්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

ඉන්දීය නාවික හමුදාවේ බටහිර බලඇණිය ශී‍්‍ර ලංකාවට

මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ෂභී නෞකාවේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්වූ අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ශී‍්‍ර ලංකා ජනාධිපති සහ ආරක්‍ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්‍ෂ මහතා නියෝජනය කරමින් එම අවස්ථාවට එක් විය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment