ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

75

ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ආරාධනාවක් මත සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා ‘දිවයින’ ට පැමිණියේය.

මෙම සංචාරය අතරතුර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුද හමුවිය. එසේම ත්‍රිකුණාමලය නාවික සහ සමුද්‍රීය ඇකඩමියේ විසිරයෑමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්ද සහභාගී විය.

මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශවික සමුද්‍රීය සබඳතා ශක්තිමත් කරගැනීම සහ දෙරට ආරක්ෂාවට පොදුවේ බලපාන කරුණු සහ ධාරිතාවයන් වැඩි දියුණු කිරීමේ සහ හැකියා ගොඩනැගීමේ වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා පැවැත්විණි. එසේම, මෙම සංචාරය ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව දෙරට අතර වර්ධනය වන සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිබඳ සංකේතයක් යැයිද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් පිළිගත් අයුරුය.

advertistmentadvertistment
advertistmentadvertistment