ඉන්දීය පුහුණුකරුට කොරෝනා

126

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ති‍්‍රට කොරෝනා ආසාදනය වී තිබේ. එ් අනුව රවී ශාස්ති‍්‍ර ඇතුළු ඉන්දීය පුහුණු කාර්ය මණ්ඩලයේ තවත් තිදෙනකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ප‍්‍රධාන පුහුණුකරු රවී ශාස්ති‍්‍රට අමතරව පන්දු යැවීමේ පුහුණුකරු බී. අරුන්, පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශී‍්‍රධාර් සහ භෞත චිකිත්සකවරයා මෙසේ නිරෝධායනයට ලක් කර ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින අතර ඊයේ (05 වැනිදා* සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අනුව සෙසු සාමාජිකයන් හට මේ වනවිට කි‍්‍රයාත්මක

ඉන්දියා – එංගලන්ත ටෙස්ට් තරගය සඳහා නැවතත් එක්විය හැකි බව දන්වා සිටී.

කණ්ඩායම් දෙක වෙන වෙනම ආරක්ෂිත ජෛව බුබුලක් යටතේ සිටින බැවින් මෙම තත්ත්වය දෙරට අතර තරගයට බාධාවක් නොවන බව ඉන්දීය කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment