ඉන්දීය බිත්තර ජනතාවටත් දෙනවා: – කුකුළු මස් ගැනත් තීරණයක් ගන්නවා

122

ඇමැති නලින් කියයි

බේකරිවලට පමණක් නොව රටේ මහජනතාවටත් ඉන්දීය බිත්තර සාධාරණ මිලට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ ට පැවසීය.

බිත්තර පමණක් නොව වෙළෙඳපොළේ කුකුළු මස්ද හිතූ හිතූ මිල ගණන්වලට අලෙවි කරන නිසා බිත්තර සම්බන්ධයෙන් කටයුතු කළ අයුරින්ම කුකුළු මස් පිළිබඳවද තීරණයක් ගන්නා බව ඇමැතිවරයා කීවේය.

රටේ ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට තමා ක්‍රියා කරද්දී ඊට වගකිවයුතු තවත් පාර්ශ්වයන් තමාට බාධා පමුණුවන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment