ඉන්දීය බුද්ධි අංශ පාස්කු ප්‍රහාරය මෙහෙයවූ හිදයතුල්ලා තමිල්නාඩුවේදී අල්ලා ගනියි

166

පාස්කු ප්‍රහාරය මෙහෙය වූවන් ගැන දැන් හඬක් නැඟෙන්නේ නැත. කාදිනල් හිමිපාණන්ද නිහඬය. එහෙත් දෙසැම්බර් 28 දා සවස ඉන්දීය බුද්ධි කණ්ඩායම් පහක් තමිල්නාඩුවේ සිදුකළ විමර්ශනවලදී පාස්කු ප්‍රහාරය මෙහෙයවන ලෙස සහරාන් හෂීම්ට උපදෙස් දුන් අයිඑස් ඒජන්තවරු අල්ලාගනු ලැබිණ. ඒ ෂෙයික් හිදයතුල්ලායි. ඔහුගේ සගයා වූ සන්ගෝර් තුල්ද අසුවිය.

ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය මෙහෙයවන ලෙස හිදයතුල්ලා විසින් සහරාන් හෂීම්ට උපදෙස් දී ඇත්තේ ෆේස් බුක් ඔස්සේය. පසුගිය ඔක්තෝබර් මස කෙහිම්ටචෝර් පිපිරීම සිදුවීමෙන් පසු ඉන්දීය බුද්ධි අංශවලට අයි එස් සබඳතාවය වාර්තා විය. ඒ වනවිට අයි එස් ඒජන්ත තමිල්නාඩුවට පැනගොස් තිබුණි. එහෙත් බුද්ධි අංශවලට නිසි ඔත්තුව ලැබුණි. හිදයතුල්ලා තමිල්නාඩුවේ සැඟවී සිටියේය.

ඉන්දීය බුද්ධි අංශ පාස්කු ප්‍රහාරය මෙහෙයවූ හිදයතුල්ලා තමිල්නාඩුවේදී අල්ලා ගනියි

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයේ තොරතුරු ද හෙළිවිය. එහෙත් කාදිනල් හිමිපාණන් සහ මෙරට ෆේස් බුක් ක්‍රියාකාරීන්ද නිහඬ විය.

2017 වසරේ සිට අයි එස් සංවිධානය තමිල්නාඩුව තුළ ක්‍රියාත්මක වේ. මෙරට බුද්ධි අංශ ක්‍රියාකාරීහු අයි එස් ගැන විමර්ශනය නොකළේ මුස්ලිම් දේශපාලකයන්ට ඇති බිය නිසාය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධානීන් ඉන්දීය බුද්ධි අංශ විසින් එකින් නෙකා අත්අඩංගුවට ගනිද්දී අපේ බුද්ධි අංශ ඊට අදාළ තොරතුරු ඉන්දියාවෙන් ලබා නොගැනීම විහිළුවට කරුණකි. පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසු එය එදා පැවැති

ගෝඨාභය රජයේ සැලසුමක් බව ප්‍රචාරය විය. ස්විස්ටර්ලන්තයේ සිට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක් පළ කළේ එය හමුදා බුද්ධි අංශ ප්‍රධානි සලේගේ වැඩක් බවය. එහෙත් රුසියානු එෆ්එෆ්ඩී බුද්ධි සේවාව පැවසුවේ එය අයි එස් සැලසුමක් බවය. රහස් පොලිසිය ද පාස්කු ප්‍රහාරයට අයි එස් සබඳතාවක් නැතැයි කීවේය. එහෙත් වසර 4 කට පසු හිදයතුල්ලා අසුවිය. හිදයතුල්ලා විසින් සහරාන් හෂීම්ට උපදෙස් දී ඇතැයි ඉන්දීය බුද්ධි අංශ විසින් හෙළිකර ඇත.

මේ පසුබිම මැද පාස්කු ප්‍රහාරයේ මොලකරුවන් එකිනෙකා හෙළිදරව් වී ඇත. මෙම ප්‍රහාරය ඉන්දීය රෝ සංවිධානය වෙත යොමුකිරීමට ද ඇතැම් පාර්ශ්ව උත්සාහ කළහ. එසේ වුවත් කොයිට්ටවෝර් පිපිරීම සියලු ප්‍රචාර බොරු කළේය. එම ප්‍රහාරයත් සමගම වසර 4 ක රහස් හෙළිවිය. ඒ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළි විය.

මේ වනවිට ෂෙයික් හිදයතුල්ලා සියලු තොරතුරු අනාවරණය කර ඇත. අයි එස් සංවිධානය ප්‍රහාර මෙහෙයවීම සඳහා හැන්ඩලර් විශේෂ වූ ත්‍රස්තයෙක් පත්කරනු ලබයි. ඒ සහරාන් හෂිම් නොව හිදයතුල්ලාය. ප්‍රහාරය මෙහෙයවන්නා ඔහූ වූ අතර ඔහු දිවි නසාගත්තේ නැත. දිවි නසාගත්තේ සහරාන් හෂීම්ය. මෙතෙක් ඉන්දීය බුද්ධි අංශවලට හැන්ඩ්ලර් (Handler) සොයා ගැනීමට නොහැකි විය. එහෙත් වසර 4 ක පරීක්‍ෂණවලින් පසු හිදයතුල්ලා අසුවිය. ඉන් පාස්කු ප්‍රහාරයේ සැබෑ තොරතුරු හෙළි විය.

එහෙත් ඊට පෙර රවුෆ් හකීම්, මුජිබර් රහමාන් ඇතුළු මුස්ලිම් දේශපාලකයන් පැවසුවේ අයි එස් සංවිධානය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති බවය. එහෙත් සත්‍යය හෙළි විය.

advertistmentadvertistment
advertistmentadvertistment