ඉන්දීය බුද්ධි සේවාව තමිල්නාඩු – පාකිස්ථාන් ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයන් දසදෙනා අල්ලා ගනී

312

අයිස් හෙවත් ක්‍රිස්ටලයින් නමැති කෘතිම මත් පෙති ශ්‍රී ලංකාව හරහා ප්‍රවාහනය කරන බව ජාත්‍යන්තර පොලිසිය මුල් වරට හෙළිකර ඇත. ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය ‘ඔපරේෂන් ලයන් ෂිප්’ මෙහෙයුම යටතේ රටවල් 14ක පොලිස් සේවාවල සහය මත අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ක්‍රියාකරනු ලැබීය.

සති දෙකක් තුළ කරන ලද වැටලීමේදී ඩොලර් මිලියන 18ක් වටිනා අයිස් පෙති අසුවිය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අයිස් මත් පෙති බෙදාහැරීමට භාවිතා කරන්නේ සෙල්ලම්බඩු බවද හෙළිවිය. මේ අයිස් ජාවාරම ලොව බලසම්පන්න සමාගම් 100 කට සමාන බව ඉන්ටර්පෝල් ආයතනය අනාවරණය කර ඇත. සමාගම් 500 කට සමාන මත්ද්‍රව්‍ය කල්ලි 500ක් ක්‍රියාත්මක වන බව තවදුරටත් අනාවරණය වී තිබේ. ලයන් ෂිප් මෙහෙයුම ඕස්ටේ්‍රලියාව, බහරේන්, ඩුබායි, කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාකය, ජපානය, ජෝර්දාන්, මැලේසියා, මාලදිවයින, මොරොක්කෝ, නයිජීරියාව, ඕමානය, පිලිපීනය, කටාරය, ශ්‍රී ලංකාව, සිරියාව, තුර්කිය, තායිලන්තය යන රටවල ක්‍රියාත්මක විය. ඉන්ටර්පෝල් මෙහෙයුම යටතේ ජාවාරම්කරුවන් 250ක් අත්අඩංගුවට ගෙන ඇත. 2020 ජනවාරි මස ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය කිලෝ 170ක් අසුවිය. ඉන්පසු අසුවූ මත්ද්‍රව්‍ය මෙසේය

2020 පෙබරවාරි 29 කිලෝ 74

2020 මාර්තු 05 කිලෝ 365

2020 මාර්තු 20 කිලෝ 99

2020 මැයි 14 කිලෝ 225

2020 ඔක්තෝබර් කිලෝ 15

ඉන්දීය බුද්ධි සේවාව තමිල්නාඩු - පාකිස්ථාන් ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයන් දසදෙනා අල්ලා ගනී

2020 වසරේදී කෘතිම මත්ද්‍රව්‍ය හෙවත් අයිස් පෙති ප්‍රවාහනයේ යෙදුණු 1400ක් අසුවූ අතර එම පෙති සන්තකයේ තබාගත් 61,550ක්ද අසුවිය. ඉන්ටර්පෝල් ආයතනය පැවසුවේ ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් විදේශ රටවල සැඟවී සිටින බවයි.

මෙම අයිස් මත්ප පෙති විවිධ නම් වලින් ද හඳුන්වනු ලබයි. ටාටු බ්ලේඩ්, ක්‍රිස්ට් ග්ලාස්, හොට් අයිස්, ලැට්ලාස් ලා, අයිස් කුඩාම්ස්, ෂාබු ෂාඩ්ස්, ස්ටෝමොස්, සුපර් අයිස්, මට් ට්ස්වෝ, ටේටා සහ චෝක් යන නම් ඊට පටබැඳී ඇත.

අයිස් කෘතිම පෙති විශාල ලෙස නිපදවන්නේ පාකිස්ථානයේ. එරට මිලියන 27ක ජනතාවක් මත් පෙතිවලට ගොදුරු වී ඇත. ඉන්ටර්පෝල් ආයතනය දක්වන්නේ අයිස් පෙති හෙරොයින්වලට වඩා බිහිසුණු බවයි. එය හෘදය වස්තුවට ඍජුව බලපාන අතර දත් කඩිනමින් දිරායෑම ද සිදුවේ. මෙතම්පිටමයිවා පෙති ලේ පටලවලට හානි සිදුකරන අතර හෘදයාබාධ ඇතිකරන බවද අනාවරණය වී ඇත.

මේ මත් පෙති නිපදවීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ටොන් 221 ක්ද ඉන්ටර්පෝල් පොලිසිය අල්ලාගෙන තිබේ. මෙම රසායනිකවල වටිනාකම ඩොලර් 717,000,000 කි. අයිස්වලට අමතරව කැප්ටන් සහ කෙටටයිස් නමැති මත් පෙති ද යුරෝපා වෙළෙඳපොළට අවතීර්ණ වී තිබේ. ඩුබායි හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂක ජනරාල් ලුතිනන් කර්නල් ඩානා හුමේඩ් පැවසුවේ එක්සත් එමීර් රාජ්‍ය හරහා අපරාධකාර සංවිධාන මත්ද්‍රව්‍ය බෙදාහරින බවයි. මෑතකදී කාම්බෝජයේ නීති විරෝධී රසායනාගාරයක් වැටලූ ඉන්ටර්පෝල් බලධාරීහු මත් පෙති දස දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් එහි නිපදවන බව සොයාගත්හ. මේ අතර හලාවත, තොඩුවාව ප්‍රදේශයෙන් අයිස් මත් පෙති ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදාවට අසුවිය.

එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙරට නීතිරීති යටතේ මරණ දඬුවම හිමි නොවේ. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව ඉරානය, බංගලාදේශය, තායිලන්තය, මාලදිවයින, එමීර් රාජ්‍යය යන රටවල දෙස් විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ අද මුහුදු මාර්ග භාවිතා කරන අතර අධි තාක්‍ෂණික සන්නිවේදන උපකරණ පවා පාවිච්චි කරන බව හෙළිවී ඇත. මේ අතර ඉන්දීය ජාතික බුද්ධි සේවාව තමිල්නාඩුවේ කළ වැටලීමේදී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දසදෙනෙක් අල්ලාගනු ලැබීය.

මේ ජාවාරම්කරුවෝ කවුරුන්ද?

ඉන්දීය බුද්ධි සේවාව දක්වන්නේ සී. ගුණසේකරන් හෙවත් ගුණා හෙවත් ප්‍රේම් කුමාර්, පුෂ්පරාජා හෙවත් පූකුඩිකන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණි ෆොන්සේකා, ස්ටැන්ලි කෙනට් ප්‍රනාන්දු, ලැඩියා, ධනුෂ්ක නොහොත් වෙල්ල රංග හෙවත් ගමගේ සුරංග ප්‍රදීප්, තිලිපන් හෙවත් දිලිපන්. තමිල්නාඩුවේ අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනා ගුණසේකරන් සහ පුෂ්ප රාජායි. ඔවුන්ට මත්ද්‍රව්‍ය සපයන්නේ පාකිස්ථාන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හාරි සලිම්ය. සලිම්ගේ ගෝලයා ලෙස හඳුන්වන තවත් ශ්‍රී ලාංකිකයකු වූ රාජන් සුරේන්ද්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම්කරුවන් වසර ගණනාවක් තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සපයා ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත. මොවුන් විස්ගිනිස්වි වරායේදී හෙරොයින් කිලෝ 300 ක් සහ අවි පහක් ප්‍රවාහනය කරද්දී අසුවී තිබේ. මේ ඒ. කේ. 47 හෙවත් කැල්සිනකෝව් හෙවත් ඒන්ජල් කිං අවි ඔවුන්ට ලබාදී ඇත්තේ පාකිස්ථානයෙනි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment