ඉන්දීය මහ බැංකුවෙන් පොලි අනුපාත වැඩි කරයි

183

ඉන්දීය මහ බැංකුව ද එරට බැංකු පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කර ඇත.

 වසර දෙකකට පසු මෙම පියවර ගෙන ඇත්තේ එරට උද්ධමනය ඉහළ යෑමට පටන් ගැනීමත් සමඟය. මේ වනවිට ඉන්දියාවේ උද්ධමනය 6.96% ක් ලෙස සටහන්ව ඇත. මෙය මාස 18 කට පසු වාර්තාවූ වැඩිම උද්ධමන අගය වේ.

 මෙම තත්ත්වය මත ඉන්දීය මහ බැංකු එරට බැංකු පොලී අනුපාතය 4% සිට 4.4% දක්වා දශම 4 කින් ඉහළ දමා ඇත. කොවිඩ් වසංගතය ශීඝ්‍රයෙන් පැතිරෙමින් පැවති සමයේ පොලී අනුපාත 4% දක්වා පහළ දැමීමට ඉන්දීය මහ බැංකුව තීරණය කළේය. භාණ්ඩ මිල ඉහළ යෑම සහ උද්ධමනය නිසා මෙලෙස පොලී අනුපාත ඉහළ දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment