ඉන්දීය මුදල් කෝටි 200 ක් විශුද්ධිකරණයට ජැකලින්ගෙන් ඉ/පොලිසිය ප‍්‍රශ්න කරයි

330

ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති සුපිරි බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය පැය 5 කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

තමන් නිළි ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප‍්‍රශ්න කළේ ඇය එම මුදල් විශුද්ධිකරණ සිද්ධියේ සාක්ෂිකාරියක නිසා යැයි ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් පවසා ඇත. බරපතළ මූල්‍ය අපරාධකරුවකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සිදුකරන අතර, ඊට සුකේෂ් චන්ද්‍රශේකර් විසින් ක‍්‍රියාත්මක කරන ලදැයි පැවසෙන කෝටි ගණනක කප්පම් ජාවාරමක්ද අයත්ය. සුකේෂ් චන්ද්‍රශේකර් සහ ජැකලීන් ෆර්නැන්ඩස් අතර සමීප හිතවත්කමක් පැවති අතර නිලධාරීන් ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් ප‍්‍රශ්න කර ඇත්තේ ඒ අනුවය.

සුකේෂ් චන්ද්‍රශේකර්ගේ බිරිඳ ලීනා පෝල් හරහා තමන් චන්ද්‍රශේකර් හඳුනාගත් බවත්, සුකේෂ් චන්ද්‍රශේකර් තමන්ට ද මුදල් වංචාවක් කළ බවත් කිරීම්වලදී ජැක්ලින් ෆර්නැන්ඩස් හෙළි කර තිබේ.

චන්ද්‍රසේකර්ට එරෙහිව සිදුවන මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයන්ට අදාළව චෙන්නායිහි මුහුදට මුහුණ ලා තිබූ සුඛෝපභෝගී බංගලාවක්, ඉන්දීය රුපියල් ලක්ෂ 82.5ක මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ 12කට වැඩි ප‍්‍රමාණයක් මේ වනවිට ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment