ඉන්දීය රුසියානු සබදතාව ශක්තිමත්ලු

152

ඉන්දියාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පැවතීමට හේතුව ඉන්දියාවේ නොබැඳි පිළිවෙත යැයි ඉන්දීය රජය පවසයි. ලොව පස් වැනි විශාලතම ආර්ථික වෙළෙද පොළ සතුව ඇත්තේ ඉන්දියාවටය. පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ මිත්‍රශීලී ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් වී ඇත. මෙම තත්වය මත රුසියාව සමග මැදහත් වෙළෙඳ සබඳතා පවත්වාගෙන යාම තුළ අඩු මිලට බොරතෙල් මිලදී ගැනීම ද යුක්රේන යුධ ගැටුම් මැද වුවද හැකි වූ බව සදහන් කරයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව කටයුතු කරමින් සාමය සහ සාකච්ඡා මාර්ග අනුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව ද පවසයි. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය සෙසු රටවලට බලපෑම් නොකරන විවිධ පාර්ශව සමඟ එක්වී සාමයට බාධා කිරීමට උත්සාහ නොකිරීම බවද සඳහන් කරයි. මෙම තත්වය මත වත්මන් ඉන්දීය රජය සහ නායකත්වයට රටේ ආර්ථිකය පහළ මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා ඉහළ නැංවීමට හැකිව තිබේ. මෙවැනි පිළිවෙත් අනුගමනය කරන නිසා රුසියාව සහ ඉන්දියාව අතර දශක ගණනාවක් තිස්සේ ශක්තිමත් සබඳතාවයක් පවත්වාගෙන යාමට හැකිව ඇතැයි ද ඉන්දියාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment