ඉන්දීය විදේශ ඇමැති ජනපති හමුවෙයි

127

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

 කොළඹදී ඊයේ ආරම්භ වූ පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ජෙයිශංකර් මහතා දිවයිනට පැමිණ තිබේ.

 ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප‍්‍රදාන ලබාදීම පිළිබඳව ඉන්දියාවට සිය ස්තූතිය පළ කළේය.

 මේ වසරේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක් සංවිධාන කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment