ඉන්දීය ශ්‍රී ලංකා දැවන්ත නිෂ්පාදනය “සෙකන්ඩ් ෂෝ” ප්‍රචාරණය අරඹයි

659

ශ්‍රී ලංකාව ඉන්දියාව සම නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කළ “සෙකන්ඩ් ෂෝ” සිනමාපටය ලබන ජුනි මාසයේදී ලොවපුරා තිරගත කරවීමට සැළසුම් කර තිබෙන අතර ඒ සඳහා වන පූර්ව ප්‍රචාරක කටයුතු පෙරේදා ආරම්භ කෙරිණ. ඉන්දීය ජාතික ඒ. ටී. ඥානම්ගේ කූළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සෙකඩ් ෂෝ ගනේෂ් මහදේවන් සමග සම නිෂ්පාදනය කර තිබෙන්නේ “ඩාක් රූම් ක්‍රියේෂන්” වෙනුවෙන් කෞෂල්‍යා වික්‍රමසිංහ විසිනි.

ඉන්දීය ශ්‍රී ලංකා දැවන්ත නිෂ්පාදනය “සෙකන්ඩ්  ෂෝ” ප්‍රචාරණය අරඹයි

අධිරජ ධර්මාශෝක ටෙලි කතාව සහ යශෝධරා සිනමාපටය තුළින් මෙරට ප්‍රේක්ෂකයා අතර අතිශය ජනප්‍රිය ඉන්දිය නිළි පල්ලවී සුභාෂ් හේමාල් රණසිංහ සමග ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙන මෙම සිනමාපටයේ කොලිවුඩි නිළි විද්‍යා ප්‍රදීප්, තෙළිඟු නිළි අක්ෂාතා සෝනාවනේ, ෆිල්ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලත් අජ්මල් අමීර් සේසු ප්‍රධාන චරිතය නිරූපණය කර තිබේ.

ඉන්දීය ශ්‍රී ලංකා දැවන්ත නිෂ්පාදනය “සෙකන්ඩ්  ෂෝ” ප්‍රචාරණය අරඹයි

“Suspense” “Thriller” “Fantacy” ශානරවලට අයත් සිනමාපටයක් වන මෙය මීට වසර තුනකට පෙර එනම් 2019 වසරේ රූගතකිරීම් එංගලන්තයේ ලන්ඩන් සහ බර්මින්හැම් නගරවලදී සිදුකර තිබෙන්නේ එහි ඇති රමණීය දර්ශනතල පසුබිම් කරගෙනය. එහිදී සිනමාපටයේ දෙබස් එකම දර්ශන තලයේදී දමිළ සහ සිංහල භාෂා දිත්වයෙන්ම රූගත කර තබීම සුවිශේෂී වන අතර සිනමාපටයේ එන දෙබස් රචනය කර ඇත්තේ සිනමා අධ්‍යක්ෂවරයකු වන තිසර ඉඹුලාන විසින්ය.

සිංහල සහ දමිළ භාෂා දිත්වයෙන් යුතු ගීත මෙම සිනමාපටයේ ඇතුළත් අතර එය ගායනා කර තිබෙන්නේ කසුන් කල්හාර, උරේෂා රවිහාරී, කුෂානි සඳරේකා, කාවින්දි ගුණසේකර, දිනේන්ද්‍ර බණ්ඩාර යන ලාංකීය ගායක ගායිකවන්ය. සිනමාපටයේ එන ගීත එහි පූර්ව ප්‍රචාරක පටය සමග එළිදක්වා ඇත.

  • තිස්ස
advertistmentadvertistment
advertistmentadvertistment