ඉන්දීය සම්භාවයක් ඇති කඳුකර දමිළ ජනතාවට පූර්ණ පුරවැසි භාවය ලබාදීමට මැදිහත් වෙන්න – ඉන්දීය විදේශ ඇමැතිට මනෝ ගනේෂන් කියයි

135

ශී‍්‍ර ලාංකික ජාතික තලයේ පූර්ණ පුරවැසියන් වීම සඳහා ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දමිළ ජනතාවට අවස්ථාව ලබාදීමට මැදිහත්ව කි‍්‍රයාකරන ලෙස තමා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළේය.

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා සමග පෙරේදා (29 දා) දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය පැවැත්වූ සාකච්ඡුාවෙන් අනතුරුව ‘දිවයින’ට අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

තමනට වැඩි වැඩියෙන් ශී‍්‍ර ලාංකිකයන් වීමට අවශ්‍ය බවත් ඉන්දියාව ශී‍්‍ර ලංකාවේ මිත‍්‍රශීලීම රටක් වන නිසා දමිළ ජනතාවට පවතින ගැටලූ නිරාකරණය කර ගැනීම වෙනුවෙන් ඉන්දීය රජයට මැදිහත්ව කි‍්‍රයාකරන ලෙස කළ ඉල්ලීම ඉන්දීය විදේශ ඇමැතිවරයා පිළිගත් බව ද මන්තී‍්‍රවරයා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා මෙසේ ද කීවේය.

‘‘දමිළ ජනතාවගේ ප‍්‍රශ්න ගැන මැදිහත්ව කටයුතු කරන්න ජෙයශංකර් මහතා කි‍්‍රයාකරන බව පැවසුවා. අපේ ජනතාවගෙන් ලක්ෂ 05 ක් පමණ කඳුකරයේ ජීවත් වෙනවා. ඒ අයට තවමත් විශාල අඩුපාඩු පවතිනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රවල වගේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රවලත් විශාල අඩුපාඩු තිබෙනවා. මේවා සපුරා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා රජය සමඟ එක්ව අපට උපකාර කරන්න කියලා අපි ඉන්දීය විදේශ  ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියා.

දමිළ ජනතාවගේ දේශපාලන උවමනාවන් සම්බන්ධවත් අපි කතා කළා. සිංහල හින්දු අලූත් අවුරුද්ද ගත කිරීමට ඉන්දියාව මේ අවස්ථාවේ මෙරටට කර ඇති උපකාර පිළිබඳව අපි ඉන්දීය රජයට ස්තුති කළා. දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය හැටියට අපිට පක්ෂ විපක්ෂ ප‍්‍රශ්නයක් නැහැ. ඉන්න තැන නෙවෙයි වැදගත් ශී‍්‍ර ලාංකිකයන් හැටියට ගෞරවයෙන් ජීවත්වීමයි වැදගත්. ඒ වෙනුවෙන් ඉන්දියාව සෑමවිටම මැදිහත්ව කි‍්‍රයාකරන බව පැවසීම සතුටක්.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment