ඉන්දීය සහල්වල ‘ කොලිටිය’ සොයන්න හෙට මහ කොමසාරිස්  කාර්යාලයට යති

113

ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ සහල් මිනිස් පරිභෝජනයට සුදුසු ද යන්න සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා සිටීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හෙට (21 දා) මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට යෑමට නියමිතය.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ආනයනික සහල් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවටත් එම සහල් සත්ත්ව ආහාර සඳහා සුදුසු බවටත් කළ ප්‍රකාශය නිසා එම සහල් පරිභෝජනය කළ මහජනතාව විශාල සෞඛ්‍ය

ගැටලුවකට මුහුණදී සිටින බවද ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ‘දිවයින’ට පැවසීය.

ඇමැතිවරයාගේ එම හෙළිදරව්ව ඉතා බරපතළ බවත්, එවැනි විස සහිත සහල් මෙරටට ලබාදී තිබේ නම් එම සහල්වල අඩංගු සංඝටක ගැන වාර්තාවක් ලබාදෙන ලෙසත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඉන්දියන් තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින බවද තෙන්නකෝන් මහතා පැවසීය.

ලිපිය භාරදීමේ අවස්ථාවට ආපනශාලා හිමියන්ගේ  සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇතුළු තවත් සිවිල් සංවිධාන සාමාජිකයන් කිහිප දෙනකු සහභාගි වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment