ඉන්දීය සෙබළුන් ලංකාවට එවන පුවත් බොරු – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

67

ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. මෙම වාර්තා සහ එවන් අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවන බව ද පවසයි.

සෞභාග්‍යය සහ ප්‍රගතිය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ වටිනාකම්, ස්ථාපිත ආයතනයන් සහ ව්‍යවස්ථාමය රාමුව හරහා තම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ප්‍රයත්න දරන ශ්‍රී ලාංකික ජනතාව සමඟ ඉන්දියාව සිටින බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment