ඉන්දීය හොකී පිලට වසර 41කට පසු ඔලිම්පික් පදක්කමක්

531

අවුරුදු 41 කට පසුව ක‍්‍රියාත්මක වෙමින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක පදක්කමකට හිමිකම් කියූ ඉන්දීය පිරිමි හොකී කණ්ඩායම ඊයේ (05* පෙරවරුවේ පැවැති ලෝකඩ පදක්කම සඳහා වන තරඟයේ දී ප‍්‍රතිවාදී ජර්මනිය ගෝල් 05 – 04 ක් ලෙස පරාජයට පත් කළේය.

 රවින්ද්‍රන් ශ‍්‍රීජේෂ් ගේ විශිෂ්ට ගෝල් රැකීම කැපී පෙනුණු මෙම තරඟයේ දී සිං සුසංයෝගයෙන් ඉන්දීය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු වීම සුවිශේෂත්වයකි.

 ජර්මානුවන් එල්ල කරන ලද නියත ගෝල් පහර 20 ක් රැුක ගැනීමට 33 හැවිරිදි ශ‍්‍රීජේෂ් සමත් වූ අතර සිම්රාන්ජිත් සිං 02. රූපින්දර්පාල් සිං 01. හාර්දික් සිං 01 සහ හර්මන් ෆ‍්‍රීට් සිං 01 බැගින් ගෝල් රැුස්කර ගැනීමට සමත් වූහ.

 මෙම තරඟයේ ප‍්‍රථම කාර්තුව නිමාවන විට ජර්මනියේ ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණ ගෙන සිටිය ද දෙවන සහ තෙවන කාර්තුවල දී ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ජයග‍්‍රහණය තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත් වීම කැපී පෙනුණි.

 ඔලිම්පික් ක‍්‍රීඩා හොකී ඉතිහාසයේ 08 වතාවක් රන් පදක්කමට ද එක් වතාවක් රිදී පදක්කමට ද දෙවතාවක් ලෝකඩ පදක්කමට ද හිමි කම් කියන ඉන්දීය පිලට 1980 න් පසුව කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය.

 මේ අතර කාන්තා කණ්ඩායම් ක‍්‍රීඩා ආශ‍්‍රිතව දකුණු ආසියාවේ අවසන් බලාපොරොත්තුව වූ ඉන්දීය හොකී පිල පෙරේදා (04* පැවැති අවසන් පූර්ව වටයට අයත් දෙවන තරඟයේ දී ආජන්ටිනාව හමුවේ ගෝල් 02 – 01 ක් ලෙස තියුණු පරාජයකට ලක් විය .

 තරගයේ ප‍්‍රථම කාර්තුව නිමා වන විට ගෝල් 01 -00 ක් ලෙස පෙරමුණ ගෙන සිටි ඉන්දීය පිල තෙවන වටයේ දී ලත් පසුබෑම හේතුවෙන් පරාජයේ අමිහිරි වේදනාව විඳ දරා ගැනීමට සිදුවිය. එහෙත් ඉන්දීය පිල වෙතින් ප‍්‍රදර්ශනය වූ දක්ෂතාවය කැපී පෙනුණි.

 දෙවන කාර්තුව නිමාවන විට දෙපිලම ගෝල් 01 -01 ක් ලෙස සම තත්ත්වයක පසුවිය. එහෙත්, නායිකාව ලෙස යුතුකම මැනවින් ඉටු කරමින් තෙවන කාර්තුවේ දී කැපී පෙනුණු බරියෝනුඒවෝ මාරීයා නොයෙල් වාර්තා කළ තම දෙවන ගෝලයත් සමගම ආජන්ටිනාවේ ජය තහවුරු විය.

 සිව්වන කාර්තුවේදී එකදු ගෝලයක් හෝ වාර්තා කර ගැනීමට දෙපිලටම නොහැකි විය.

 එදින පෙරවරුවේ පැවති ප‍්‍රථම අවසන් පූර්ව තරගයේ දී මහා බි‍්‍රතාන්‍යය පරදා ගෝල් 05 – 01 ක ජයග‍්‍රහණයක් වාර්තා කර ගැනීමට නෙදර්ලන්තය ට හැකිවිය.

 ඒ අනුව මෙවර තීරණාත්මක අවසන් තරඟයේදී ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අද (06* තරග වැදීමට නියමිතය.


අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment