ඉන්දීය 75 වැනි නිදහස් සංවත්සරයට ලංකාවේත් උත්සව රැසක්

78

 ඉන්දියාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ඊයේ (15 දා) ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි උත්සව රැසක් සංවිධානය කර තිබිණි.

 මේ නිමිත්තෙන් වන කොළඹ ප්‍රධාන වැඩසටහන ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ නිල නිවස වන “ඉන්දියා හවුස්” හිදී පැවැත්විණි. මහ කොමසාරිස්වරයා ඉන්දීය ධජය එසවූ අතර හමුදා උත්තමාචාරයද නිරීක්ෂණය කළේය. හෙතෙම ඉන්දීය ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවුඩයද ඉදිරිපත් කරන ලදී.

 විවිධ සංස්කෘතිකාංග රැසක්ද මෙහිදී පැවති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දේශානුරාගී ගීත වාදනය කරන ලදී. ගුරු සාදර සුපැතුම් කලා මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් විසින් භාරත් කො සලාම් ගීතයට නර්තනයක් ඉදිරිපත් කරන ලදී. ශක්තිය, ආරක්ෂාව සහ මාතෘත්වය සංකේතවත් කරන දුර්ගා මෑණියන්ට උපහාර පිණිස තවත් ගර්බා නර්තනයක් ද ඉදිරිපත් කෙරිණ.

 ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරිහු ශ්‍රී ලංකාවේ සාමය සහ එකමුතු බව උදෙසා දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදාවේ විරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකර ඇති ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයට උපහාර පුද කළහ.

 මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය සහ යාපනය සහ හම්බන්තොට කොන්සියුලර් ජෙනරාල් කාර්යාල විසින්ද නිදහස් දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment