ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ඡාවා මුහුදට ගිලා බසියි

1093

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ඡාවා මුහුදට ගිලා බසින බව අනාවරණය වී ඇත.

මෙය සිදුවනුයේ භූ චලන නිසා යැයි විද්‍යාඥයෝ පවසති. මේ නිසා නව අගනුවරක් ඉදිකිරීමට ජනපති ජෝකෝ විඩෝඩෝ සැලසුම් කර තිබේ. එම නව අගනුවර සඳහා පාර්ලිමේන්තුව මෙතෙක් අනුමැතිය දී නැත. බෝනියෝ නුවර නැගෙනහිර කාලිමන්තන් ප‍්‍රදේශයේ හෙක්ටයාර් 256,000ක භූමි ප‍්‍රදේශයක නව අගනුවර ඉදිකරනු ඇත. එහෙත් නව අගනුවර සඳහා තෝරාගෙන ඇති ප‍්‍රදේශ තුළින් ජල මාර්ග, දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණයට අදාළ ප‍්‍රශ්න මතු වී තිබේ. මේ පාරිසරික ප‍්‍රශ්න නිසා ඉන්දුනීසියානු රජය නව අගනුවරක් සඳහා භූමි ප‍්‍රදේශයක් තෝරාගැනීමේ අර්බුදයකට මුහුණ පා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment