ඉන්දුනීසියාවේ පාපන්දු තරගයේ දී  මියගිය සංඛ්‍යාව 180ට නගී – 310 කට බරපතළ තුවාල

168

ඉන්දුනීසියාවේ ජාවාහි පැවැති පාපන්දු තරගයකදී ඇරීමා පාපන්දු පිල පරාජයවීම නිසා කුපිත වූ පාපන්දු ලෝලීන් ජයග්‍රාහී පිලේ පිරිස සමඟ ඇතිකරගත් ගැටුමේදී 180ක් මරුමුවට පත්වී ඇත.

 තවත් 310 කට අධික සංඛ්‍යාවක් බරපතළ තුවාල ලබා තිබේ. මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ ළමුන් කීපදෙනකු ද සිටින බව පොලිසිය හෙළිකර ඇත. ජාවාහි කන්ජුවන්

 ක්‍රීඩාංගණයේ පැවැති මෙම පාපන්දු තරගය නැරඹීමට අති විශාල පිරිසක් පැමිණ සිටියහ. පාපන්දු ලෝලීන් 34ක් මරුමුවට පත්වූයේ ක්‍රීඩාංගණය තුළදී බව වාර්තා වේ. ඉන්දුනීසියාවේ ප්‍රෙසිබියුන් ක්‍රීඩා සමාජය මෙම තරගයෙන් ජය ලබා තිබුණි. පරාජිත පිළට සම්බන්ධ පාපන්දු ලෝලීන් ක්‍රීඩාංගණය තුළට කඩාවදින විට ඔවුන්ව මර්දනය කිරීමට පොලිසිය අසමත් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment