ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාවට ගිවිසුම් හතරක්

179

කාම්බෝජියාවේ පැවැති අග්නිදිග ආසියානු ජාතීන් සහ ඉන්දීය සාගර කලාපයේ සංවිධානයේ (ASEAN) 19 වැනි ඉන්දීය සමුළුවේදී ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් හතරකට අත්සන් තබා ඇත. සංස්කෘතික, වනජීවි සහ සෞඛ්‍ය සම්බන්ධව මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය. සංගමයට අයත් සාමාජික රටවල විදේශ ඇමැතිවරු ට්විටර් ගිණුම් මගින් මෙම ගිවිසුම් වලට එළඹ තිබේ.මානව සම්පත් කළමණාකරණය සහ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ඇත. එසේම කලාපයේ ආරක්ෂාව සඳහා ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ. මෙම සමුළුව අමතමින් එහි ඉන්දීය උප සභාපති ජග්දීප් ධන්කාර් මහතා පැවසුවේ ඉන්දීය කලාපය ඉහළ වටිනාකමක් සහිත බහුවිධ කලාපයක් බවට.එනිසාASEAN සදහා ඉන්දියාව උපරිම සහාය දක්වන බව ද සදහන් කළේය. කලාපයේ රටවල් අතර සාමය,සමෘද්ධිය සහ තිරසාර බව ආරක්ෂා කිරීම සඳහා කැපවීම වැදගත් බව ද පැවසීය. කලාපයේ නාවික ආරක්ෂාව, ඩිජිටල් ආර්ථික ක්‍රමවේදය වර්ධනය සදහා වැඩි අවස්ථාවක් ඇති කිරීමට ද මෙහිදී අවධාන යොමු කර ඇත. එසේම නාවික ආරක්ෂාව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැලැක්වීම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, සයිබර් ආරක්ෂණය , ආයුධ ජාවාරම්, මිනිස් ජාවාරම්වලට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment