ඉන්දු- රුසියා වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කරයි

175


ඉන්දියාව සහ රුසියාව අතර අත්සන් කර ඇති අන්තර් රාජ්‍ය වෙළඳ සහ ආර්ථික සබඳතා පිළිබඳ ද්විපාර්ශවික ගිවිසුම අත්හිටුවීමකින් තොරව තවදුරටත් ක්‍රිකාත්මක කිරීමට රටවල් දෙකම එකගවී ඇත.ඒ සම්බන්ධව පසුගියදා ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිෂන්කර් සහ රුසියානු නියෝජ්‍ය අගමැති සහ වෙළඳ හා කර්මාන්ත ඇමැති ඩෙනිස් මන්තුරෝව් මහත්වරු අතර අන්තර් ජාල තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්විණි.එහිදී මෙම ගිවිසුමට අනුව දෙරට අතර දැනට ක්‍රියාත්මක වෙළඳ,ආර්ථික,විද්‍යා හා තාක්ෂණ සහ සංස්කෘතික සබඳතා පිළිඹද කටයුතු අත්හිටුවීමකින් තොරව උපරිම ලෙස ශක්තිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධව අවධානය යොමුකර තිබේ.මෙහිදී 20022 වසරේදී මොස්කව් නුවරදී සකස්කළ මෙම ගිවිසුම ශක්තිමත් කිරීම සඳහා වූ මූලික සැලසුම් ඉදිරියේදි නවදිල්ලි නුවරදී පැවැත්වෙන සාකච්ඡාවලදී අවධානයට යොමු කිරීමටද තීරණය කර ඇත.දෙරට අතර මෙම ද්විපාර්ශවික ගිවිසුම ගිවිසුම 1992 වසරේ සිට මැයි මාසයේදී අත්සන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment