ඉන්දු – ලංකා ආරක්ෂක ගිවසුම් හෙළිකරයි

673

ඉන්දීය සාගරයේ නාවික ආරක්ෂාව උදෙසා ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන් යානා දෙකක්ද ටොන් 4000 ක් බරැති නාවුක පාවෙන තටාකයක්ද ස්ථාපිත කර ඇති අතර නාවික සබඳතා ගැන කටයුතු කරන නිලධාරියකුද පත්කර ඇත.

ඉන්දු - ලංකා ආරක්ෂක ගිවසුම් හෙළිකරයි

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුම් තුනකට එළඹෙන මුල් අවස්ථාවද මෙයයි.

මෙම ආරක්ෂණ ගිවිසුම් වලට අනුව ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ නාවික භටයන්ට පුහුණුවීම් ලබාදෙනු ඇත.

ඉන්දීය රජය ඕස්ටේ‍්‍රලියාව, ප‍්‍රංශය, ජපානය, මාලදිවයින, සිංගප්පූරුව, බි‍්‍රතාන්‍ය හා ඇමෙරිකාව සමඟද මෙවැනි ආරක්ෂක ගිවිසුම්වලට එළඹ තිබේ.

ක්වොඞ් නමින් හඳුන්වන මෙම ආරක්ෂක එකඟතාවය පිළිබඳ වැඩිදුර තොරතුරු ශ‍්‍රී ලංකා රජය මෙතෙක් හෙළිකර නැත.

ඉහළ පෙළේ ආරක්ෂණ ආරංචි මාර්ග පැවසුවේ ඉන්දීය සාගරයේ ඇමරිකානු ආරක්ෂක මෙහෙයුම ඇමරිකානු රජය ඉන්දියාව හරහා ශ‍්‍රී ලංකාවට යොමුකර ඇති බවය.

ඇමරිකානු බලධාරීන් මෙම ආරක්ෂක එකඟතාවය ඇතිකර ඇත්තේ චීනයට එරෙහිව බව ද ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් මහාදේවි, තරිනි, බුල්බුලා, කඩල්පුරා සහ හරියාල් යන නැව් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත.

ශීරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment