ඉන්ධනහලක පොම්පකරුවෙක් කිව්ආර්වලටත් පයින් ගහලා

389

වැල්ලවාය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට කිව්ආර් කේතය පරීක්ෂා කිරීමට පැමිණි සංවර්ධන නිලධාරීයකුට පෙරේදා (10 දා) ඉන්ධන පිරවුම්හලේ සේවකයකු විසින් පහරදී ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරීවරයකු තෙල් පිරවුම්හලට පැමිණ වාහන හිමියන්ගේ කිව්ආර් කේත පරීක්ෂාකර ඇත.

කිව්ආර් කේත නොමැති වාහන හිමියෙකුට ඉන්ධන නිකුත් කිරීමට පොම්පකරු කටයුතු කිරීම නිසා සංවර්ධනය නිලධාරියා එසේ නොකරන ලෙස පොම්පකරුට පවසා ඇත. ඒ අවස්ථාවේදී උරණ වූ පොම්පකරු සංවර්ධන නිලධාරීවරයාට පහරදී ඇත. සිද්ධිය පිළිබඳව සංවර්ධන නිලධාරීවරයා වැල්ලවාය පොලිසියට සහ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණිලිකර ඇත. සිද්ධිය පිළිබඳව වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment