ඉන්ධනහල් කළමණාකරුවකුට සිර දඩුවම්

483

ඉන්ධන තොග සඟවා පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප‍්‍රකාශ සිදු කර තමන් සතුව තිබූ ඉන්ධන අළෙවි නොකළැයි කියන චෝදනාවට වරද පිළගත් අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඉන්ධන හලක කළමනාකරුවට මාස තුනක සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිර දඩුවම වසර තුනකට අත් හිටුවීමට නියෝග කර ඇත.ඊට අමතරව විත්තිකාර ඉන්ධන පිරවුම් හල් හිමියාට මුදලින් රුපියල් 10,000 දඩයක් නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය යළි මෙවැනි වැරදි නොකරන ලෙසත් එසේ එවැනි වැරදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක‍්‍රියා කරන බවද මහේස්ත‍්‍රාත්වරිය විත්තිකරුට තරයේ අවවාද කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment