ඉන්ධන අර්බුදයෙන් මැනිං මාර්කට් හාන්සියි ලොරි 150 න් ආවේ 30 යි

176

ඊයේ පෑලියගොඩට ආවේ එළවළු කිලෝ ලක්‍ෂ තුනයි

පෑලියගොඩ මැනිං වෙළෙඳපළට වෙනදා එළවළු ලොරි තොග 150 ක් පැමිණෙන නමුත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ (21 වැනිදා) පැමිණියේ එළවළු තොග සහිත ලොරි රථ 30 ක් බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්. එම්. උපසේන මහතා ‘දිවයින’ ට පැවසීය.

වෙනදාට දිනකට එළවළු ලොරිවලින් එළවළු තොග කිලෝ ලක්ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබෙන බවත්, ඊයේ දිනයේ මැනිං පොදු වෙළෙඳපළට ලැබී තිබුණේ එළවළු තොග කිලෝ ලක්ෂ 3 ක ප්‍රමාණයක් බවද හෙතෙම කියා සිටියේය. ඊයේ දිනයේ එළවළු මිලදී ගැනීමට සිල්ලර එළවළු වෙළෙඳුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට තිබූ බවද හේ කියා සිටියේය.

බෝංචි තොග කිලෝවක් රුපියල් 500 ත් 550 ත් අතර මිලකටත්, තක්කාලි රු. 400 ත් 500 ත් අතර මිලකටත්, මාළු මිරිස් රු. 300 ටත්, අමුමිරිස් රු. 400 ටත්, ගෝවා රු. 250 ත් 300 ත් අතර මිලකටත්, බීළුෑනු රු. 250 ත් 200 ත් අතර මිලකටත්, අර්තාපල් රු. 140 ත්, 150 අතර මිලකටත්, ලීක්ස් රු. 130 150 ත් අතර මිලකටත්, කැරට් රු. 120 ත් 200 ත් අතර මිලකටත්, වට්ටක්කා රු. 100 ත් 150 අතර මිලකටත් අලෙවි කෙරුණු බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment