ඉන්ධන අර්බුදය අතරේ සුවසැරිය වාර්තා තබයි

151

දිනකට රෝගීන් දහසක් (1000) රෝහල්ගත කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට රෝගීන් එක්දහස් හයසීයක් (1600) පමණ දෛනිකව රෝහල්ගත කරන බව සුවසැරිය ගිලන් රථ සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ෂොහාන් ද සිල්වා මහතා “දිවයින”ට ඊයේ (05 දා) පැවසීය.

සුවසැරිය ගිලන් රථ සේවයට ඉන්ධන ගැටලුවක් නොමැති බවත්, ලංකා අයි ඕ සී ඉන්ධන පිරවුම්හල්වලින් හා ලංගම ඩිපෝ මගින් සුවසැරියට ඉන්ධන ලැබෙන බවත් හෙතෙම කීය.

සුවසැරිය ගිලන් රථ සේවාවේ කාර්ය මණ්ඩලය පැය 24 පුරාම විශිෂ්ට සේවාවක නිරත වන බවත් අර්බුද හමුවේ ඔවුන් කරන කැපකිරීමට සිය ස්තුතිය පුදකරන බවත් ඒ මහතා සඳහන් කළේය.

දිවයින පුරා සුවසැරිය ගිලන් රථ 297 ක් ඇති අතර ඒ සඳහා 1382 දෙනෙක් සේවය කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment