ඉන්ධන අර්බුදය මැදත් 1990 තිතට වැඩ

167

රටේ ඉන්ධන අර්බුදයක් පැවතුණත් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් පැය 24 පුරා සිදුකරන රෝගී සත්කාරක සේවා කටයුතු පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් මතු වී නැතැයි එහි ප‍්‍රධාන විධායක නිලධාරි ෂෙහාන් ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (18 වැනිදා) පැවසීය.

ඉන්ධන ලබා ගැනීමට යෑමේදී සිපෙට්කෝ හා අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හල්වලින් මේ වනවිට උපරිම සහයෝගය ලැබෙන බව ද හෙතෙම කීය.

සුවසැරිය ගිලන් රථ දිවයින පුරා 297ක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඉන්ධන අර්බුදයක් රටේ පැවතුණ ද මහමඟ අනතුරුවලට ලක්වූවන්, නිවසේදී රෝගාතුර වූවන් හා තවත් විවිධ

රෝගාබාධවලට ලක්වූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට උපරිමයෙන් සුවසැරිය ගිලන් රථ සේවාව කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment