ඉන්ධන අර්බුද මැද මැති ඇමැති වැඩ කොහොමද!

207

ගමන් බිමන් නෑ ගෙදරම ඉන්නවා – කථානායක

පයින් ගිහින් උද්ඝෝෂණ කරනවා – විජිත හේරත්

ගමන් සීමා කළා – ලසන්ත අලගියවන්න

සජබ ප්‍රචාරක වැඩවලට ගැටලු ආවා – තිස්ස අත්තනායක

රටේ ඉන්ධන අර්බුදය අද උග්‍රව මතුවීම නිසා දේශපාලන පක්‍ෂ කීපයකම නියෝජිතයන් සිය අදහස් අපට සඳහන් කළේ මෙසේය.

පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා –

ඉන්ධන අර්බුද නිසා මේ දවස්වල ගමන් බිමන් බොහෝමයක් නතර කරලා ගෙදරට වෙලා ඉන්නවා. ඉන්ධන පිරිමහන්න ඕනෑ නිසා මේ විදිහට ගෙදර ඉඳලා අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා –

ඉන්ධන ඇතුළු රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපි උද්ඝෝෂණ මාලාවක් සිදුකරගෙන යනවා. ඒත් ඒ වෙනුවෙන් ඉන්ධන නාස්ති නොකර බොහෝදුරට පාගමනින් ගොස් ජනතාව වෙනුවෙන් හඬක් නඟනවා. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ වගා ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ සඳහා ජනතාවගේ නොමසුරු සහාය අපට ලැබෙනවා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා –

ඉන්ධන අර්බුදය නිසා සමගි ජනබලවේගයේ ප්‍රචාරක වැඩකටයුතුවලට ගැටලු මතුවී තිබෙනවා.

මෙම තත්ත්වය මැද මේ දිනවල නිවස තුළ සිට ප්‍රචාරක කටයුතු සිදුකිරීමට ක්‍රියාකරනවා.

ආණ්ඩුවේ සමහරු ඉන්ධන ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව නාගෙන සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා –

අත්‍යවශ්‍ය රාජකාරි හැර ඉන්ධන පිරිමහා ගන්න නිරපරාදේ ගමන් බිමන් යන්නේ නැහැ. ඒ වගේම ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් ලබාදිය යුතුයි. ඉන්ධන පිරිමහා ගැනීමටත් ජනතාව උනන්දු විය යුතුයි.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment